මේරි සෙලෙස්ටේ නෞකාවේ අභිරහස
The True Story of the Mary Celeste
මේ කතාව පටන් ගන්නේ 1872 දෙසැම්බර් 05 වෙනිදා, අදාල දිනයේ බ්‍රිගේඩියර් ඩී ග්‍රැටියා කියන බ්‍රිතාන්‍ය නෞකාව රළු කාලගුණයක් තුල යාත්‍රා කරමින් තිබියදී මොවුන්ට දකින්න ලැබෙනවා පෘතුගාලයට සැතපුම් 1000ක් පමන බටහිරින් පිහිටි අසෝර්ස් දූපත් අසල අත්ලාන්තික් සාගරයේ පාවෙමින් තිබෙන පාළු නෞකාවක්.
.............................................................
ඩී ග්‍රැටියා කාර්ය මන්ඩලය මේ ආකාරයෙන් තමයි මේරි සෙලෙස්ටේ නෞකාව සොයාගන්නේ, පසුව අදාල නෞකාවට ගොඩවූ අයට දකින්න ලැබුනේ නෞකාව මත සියල්ලම නියම පිලිවෙලට අසුරා ඇති ආකාරයයි, කාර්ය මන්ඩලයට අයත් ඇදුම් පවා පිරිසිදුව පිලිවෙලට අසුරා තිබුනා, නමුත් අස්වාභාවික ලෙස නැවේ කිසිම පුද්ගලයෙක් පෙනෙන්නට සිටියේ නැහැ. කොහොම වුනත් ඔවුන්ට දකින්න ලැබුනා දේවල් දෙකක් , එකක් තමයි කෑලිවලට ගලවා තිබූ පොම්පයක් සහ අනිත් දේ තමයි නැවේ එක් ජීවිතාරක්ෂක බෝට්ටුවක් නැතිවෙලා තිබුනා, මේ කාරනා දෙකත් එක්ක තමයි මුහුදේ අදටත් විවාදාත්මක අභිරහසක් වන මේරි සෙලෙස්ටේ නෞකාව ගැන සෙවීම ආරම්භ වන්නේ.
.............................................................
මේ සිද්ධිය සිදුවූ ආකාරය සම්භන්ධයෙන් විවිධ උපකල්පන ගොඩක් විවිධ පුද්ගලයන් ප්‍රකාශ කරලා තිබුනා ඒ අතර මුහුදු රාක්ෂයන්ගේ සිට අදාල නෞකාව ප්‍රවාහනය කරන ලද මත්පැන් ආශ්‍රිතව ඇතිවූ ගින්නක් දක්වා විවිධාකාරයේ මත පුකාශ වුනත් අද වන විටත් මේ සම්භන්ධයෙන් නිශ්චිත ව්ද්‍යාත්මක හෝ වෙනත් පිලිගත හැකි මට්ටමේ මතයක් ඉදිරිපත් වෙලා නැති තරම්. 1872 වසරේ නොවැම්බර් 07 වනදා කැප්ටන් බෙන්ජමින් බ්‍රිජ්ස් සහ කාර්ය මන්ඩලය මේරි සෙලෙස්ටේ නෞකාව සමග ගමන් ආරම්භ කරන්නේ භාන්ඩ ප්‍රවාහන නෞකාවක් විදියට නිව් යෝර්ක් වරායේ ඉදන්, මේ අයගේ ගමනාන්තය විදියට සටහන් වෙන්නේ ඉතාලියේ ගෙනොආ කියන වරාය. ඒත් එක්කම මෙයාලා මේ විදියට ප්‍රවාහනය කරන්නේ මොනවද කියන එකත් ටිකක් වැදගත් වෙනවා මොකද පසු කාලීනව ඒකත් යම් යම් මතයන්ට හේතුවක් වුනා, මේ අය ප්‍රවාහනය කරන්නේ මිනිස් පරිභෝජනයට සුදුසු ආකාරයට සකස් කරන ලද ඇල්කොහොල්. මේ ගමනට කැප්ටන්ට අමතරව ඔහුගේ බිරිද සහ දුවත් එකතු වෙනවා.
.............................................................
නිව්යෝර්ක් වලින් පිටත්ව ගිය පසුව සති දෙකක් යනකම්ම මේරි සෙලෙස්ටේ නෞකාව ගමන් කලේ හමා එන සුලං සහිත රළු මුහුදත් එක්ක, අවසාන වශයෙන් කැප්ටන් නොවැම්බර් 25 වන දින තමයි තමන්ගේ ලොග් පොත සටහන් කරලා තියෙන්නේ, පුදුම සහගත දේ වෙන්නේ තමන්ගේ අවසාන ලොග් සටහනේවත් කිසිම තැනක කැප්ටන් බෙන්ජමින් කිසිම වැරැද්දක් හෝ කරදරයක් සම්භන්ධයෙන් සටහන් නොකර තිබීමයි. කතාවේ මුලටම ආයිත් ආවොත් දෙසැම්බර් 05 වනදා ඩී ග්‍රැටියා විසින් මේරි සෙලෙස්ටේ සොයාගැනීමෙන් පසුව නැව් තට්ටුවට ගොඩවූ ඔවුන්ට කිසිම කෙනක් නැවේ නොමැති ආකාරය දකින්නට ලැබුනා.මේ අභිරහස් නෞකාවට ඩී ග්‍රැටියා නැවේ කැප්ටන් එනකොට ඔහු දැක්කේ අඩි භාගයක් පමන නැව් පතුලේ ජලය පිරී ඇති ආකාරයයි.තවත් පුදුම සහගත දේ වුනේ මෙයාලා ගෙනගිය බඩු තොගය ඒ ආකාරයටම නිරුපද්‍රිතව තිබීමයි, කෙසේ නමුත් මෙතනදී සමහර ඇල්කොහොල් ගෙනගිය බැරල් හිස්වෙලා තිබුනා කියන එකත් වැදගත් කරුනක් වෙනවා. ඩී ග්‍රැටියා නෞකාවේ කැප්ටන් මෙතනදී තීරණය කරනවා තවමත් යාත්‍රා කල හැකි මට්ටමේ පවතින මේරි සෙල්ස්ටා නෞකාව පදවාගෙන එන්නට, ඒ නිසාම ඔහු කරන්නේ තම කන්ඩායම කන්ඩායම් දෙකකට බෙදලා එක් කන්ඩායමක් මේරි සෙල්ස්ටා නෞකාව පදවාගෙන එන්නට සැලස්වීමයි. මෙහිදී මේ නැව් දෙකම යාත්‍රා කරන්නේ ගිබ්‍රෝල්ටාර් වරාය වෙතයි, මොකද මෙහිදී ඔවුන්ට හැකියාවක් තිබෙනවා සමුද්‍රීය නීතිය යටතේ අදාල නැව සම්භන්ධයෙන් යම් අයිතිවාසිකමක් ඉල්ලා සිටීමට.
.............................................................
දැනට හැමෝම දන්න කතාව තමයි ඕක , එහෙමත් නැත්නම් මේ වෙනකන් කිව්වේ මේරි සෙල්ස්ටේ නෞකාවේ කතාව , හොයාගන තියන වාර්තා සහ හැමදෙයක්ම එක තැනකින් ඉවර වෙනවා ඒතැනට වෙනකන් සියලුම දේවල් කලින් විස්තර කරලා තියනවා හැමෝටම අන්තිමට ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මොකක්ද නැවේ හිටපු සෙට් එකට වුනේ? කොහොමද අතුරුදන් වුනේ? අන්තිමට ඔවුන් මුහුන දීපු ඒ අභිරහස් නැත්නම් අද්භූත සිද්ධිය හෝ සිද්ධි දාමය මොකද්ද? මේ සම්භන්ධයෙන් විවිධ මත ගන්නාවක්ම ඉදිරිපත් වෙනවා ,විවිධ පුද්ගලයන් විවිධ මත ඉදිරිපත් කරනවා, සමහර ඒවා විද්‍යාත්මක මට්ටමින්, සමහර ඒවා තර්කානුකූලව සහ තවත් සමහර ඒවා අස්වාභාවික මට්ටමේ සිද්ධි වශයෙන්.
.............................................................
යම් ආකාරයකට නැවේ කැප්ටන් ඇතුලු කාර්ය මන්ඩලය තම නෞකාව අත ඇරලා දාලා ගියාද කුමක් හෝ හේතුවක් නිසා? නමුත් මෙතනදී ඇතිවන අවුල තමයි නැව ඩී ග්‍රැටියා විසින් සොයාගන්නා අවස්ථාව වන විටත් නියමාකාරයෙන් යාත්‍රා කල හැකි මට්ටමේ තිබුනා ඒනිසා කිසිදු කාර්මික දෝෂයක් නැවේ තිබිලා නැහැ කියන එක ඔප්පු වෙනවා, මීට අමතරව නැවේ මාස 06 කට ප්‍රමානවත් වන තරම් ආහාර සහ ජලය තිබිලා තියනවා.ඊට අමතරව නැවේ කාර්ය මන්ඩලයට අයත් බඩු බාහිරාදියත් නියම විදියට තිබිලා තියනවා.ඕනෑම කැප්ටන් කෙනෙක් තම නෞකාව අතැරලා යන්නේ දරුණුම තත්වයකදී පමනයි නමුත් මෙතනදී කිසිම ආකාරයක අන්තරාවක් හෝ හදිසි තත්වයක මේරි සෙලෙස්ටේ නෞකාව තිබුන්නෑ.
.............................................................
ඒ තමයි මේ සම්භන්ධයෙන් ඉදිරිපත් වුනු එක් මතයක් කැප්ටන් සහ පිරිස නැව අතෑරලා ගියා කියන එක නමුත් තර්කානුකූලව එසේ වුනා කියලා පිලිගන්න අමාරුයි පෙර සදහන් කල කරුණු නිසා, දෙවනියට ඉදිරිපත් වෙන මතයක් තමයි කාර්ය මන්ඩලය මත්පැන් පානය කරලා නැවේ කැරැල්ලක් ඇති කල බව, මේ සදහා බලපාන ප්‍රධාන කාරනයක් තමයි කලින් සදහන් කල ආකාරයට නැවේ ප්‍රවාහනය කල මත්පැන් බැරක් කිහිපයක් හිස්වෙලා තිබීම, නමුත් කිසිම ප්‍රචන්ඩකාරී ක්‍රියාවක් නැව තුල සිදුවූ බවට කිසිම භෞතික සාක්ෂියක් නම් හොයාගන්න පුලුවන් වෙලා නැහැ කොච්චර පරීක්ෂා කලත්.තව කට්ටියක් මතයක් පල කලා නැව කොල්ලකාරයන් විසින් වටලන්න ඇති කියලා ඒත් පුදුමේ වෙන්නේ එහෙම කලානම් කොල්ලකාරයන් අනිවාර්යෙන්ම නැවේ තියන වස්තුව කොල්ල කන්න ඕනි ඒත් එහෙම කිසිම දෙයක් සිදුවෙලා තිබුනෙත් නැහැ.
.............................................................
පසුකාලීනව ප්‍රවීන නවකතා කරුවකු වන ආතර් කොනන් ඩොයිල් කෙටිකතාවක් රචනා කරනවා මේ සිද්ධිය පාදක කරගන , එහිදී ඔහු විස්තර කරන්නේ නැවේ සිටි සෙවකයකු විසින් නැව තම පාලනයට ලබා ගන්නා ආකාරයයි, නමුත් එසේ වූවානම් ඔහු කෝ? අනික් අය කෝ? මේ සමගම මුහුදු රාක්ෂයන් සහ ජල දියවැල් සම්භන්ධයෙන් යම් මත ඉදිරිපත් වුනත් ඒවා එච්චරම තර්කානුකූල නොවන නිසා බැහැර වෙලා තියනවා. කොහොම වුනත් මේ දක්වා ඉදිරිපත් කල මේ මතයන් සියල්ලම ප්‍රතික්ෂේප වන්නේ අදාල සාක්ෂි නැත්නම් නැව පවතින තත්වයත් සමග මේ මත කිසිවක් නොගැලපෙන නිසාවෙනි. මේ අතරින් වඩාත්ම පිලිගත හැකි මට්ටමේ මතයක්ව තිබුනේ මත්පැන් යම් ක්‍රියාවලියක් කරනකොටගෙන වාෂ්ප වීමට පටන් ගත් නිසා නැවේ හැච් ආවරණය පුපුරා ගිය නිසා ඒ හේතුවෙන් ඇතිවූ ගින්නට බියෙන් නැව් කාර්ය මන්ඩලය නැව අතහැර ගියා කියන මතයයි නමුත් අවසාන වශයෙන් මෙයද නොගැලපෙන්නේ නැවේ හැච් ආවරණය ආරක්ෂිතව තිබීම හේතුවෙනි.
.............................................................
ටයිප් කරලා මහන්සි නිසාම පලවෙනි කොටස මෙතනින් නවත්තනවා දෙවනි කොටසේදී ඉතුරු ටික විස්තර කරලා ලියන්නම්.
.............................................................
No comments: